27.2 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 24ක් අත්අඩංගුවට

අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 24ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සමග යාත්‍රා 5ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ යාපනය, කරෙයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ දී මොවුන් සිය භාරයට ගෙන ඇති බවයි.

නාවික හමුදා භාරයට ගැණුනු ධීවරයින් 24 දෙනා සහ යාත්‍රා කන්කසන්තරය වරාය වෙත රැගෙන ගොස් තිබේ.

එම ධීවරයින් 24 දෙනා යාපනය – මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.