26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකලිසමක් ඇඳ පාසලට ආ ගුරුවරියට දෙමාපියන් හූ කියලා

කලිසමක් ඇඳ පාසලට ආ ගුරුවරියට දෙමාපියන් හූ කියලා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් විරෝධය දක්වා තිබේ.

ඇයට දෙමව්පියන්ගේ විරෝධය හේතුවෙන් පාසලෙන් බැහැරව යාමට සිදුව ඇත. ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බවට සියලු මව්පියවරුන් පැවසීමත් සමඟ ගුරුවරියක් පාසලෙන් ඉවත්ව ගොස් තිබේ. ඇය පිටව යද්දී දෙමව්පියන් ඇයට හූ තබා ඇත.

පසුව ගුරුවරිය පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ දෙමවුපියන් විසින් තමනට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවයි. දෙමවුපියන් මෙය සිදු කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවද පැමිණිල්ලේ සඳහන්ය. පාසල් ගුරුවරියන්ට සාරිය හෝ පහසු ඇදුමක් ඇඳගෙන ඒමට අවසර දෙන ඉල්ලමින් ඇතැම් ගුරුවරියන් වෙනත් ඇදුම් ඇදගෙන පාසැල් පැමිණෙමින් සිටියි.