33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිරිපිටි හිඟයක් ඇතිවෙන්න දෙන්නෑ - රංජිත් සියඹලාපිටිය

කිරිපිටි හිඟයක් ඇතිවෙන්න දෙන්නෑ – රංජිත් සියඹලාපිටිය

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

එහිදි ඔහු සඳහන් කළේ අදාළ කිරිපිටි තොග ආනයන අපනයන රේගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බවයි.

එම කිරිපිටි බහාලුම්වලට අදාළව පරීක්ෂණ වාර්තාවක් ඔහු අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙහිදී අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති බවය.

කෙසේවෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.