25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදූෂිත රාජ්‍ය නිලධාරීන් ගැන CIDයට කියන්න

දූෂිත රාජ්‍ය නිලධාරීන් ගැන CIDයට කියන්න

යම්කිසි අමාත්‍යංශයක හෝ අමාත්‍ය කාර්යය මණ්ඩලයක නිලධාරියෙකු හෝ අමාත්‍යංශ නිලධාරීන් හෝ සම්බන්ධව කිසියම් වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවක් සිදු කර ඇත්නම්, ඒ සම්බන්ධව දන්නා හෝ දැන සිටින කුමන හෝ තොරතුරක් ඇත්නම්, ඍජුව ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එක්තරා රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු මිරිස් වගාවක් සිදු කරන මුවාවෙන් අක්කර ගණනාවක වැලි ගොඩ දැමීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය අනාවරණය කර ඇති තිබෙන බවත් මෙලෙස දූෂණ අක්‍රමිකතා සිදු කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද? යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ,

නීතිය සැමටම සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු බවට ජනතාවට විශ්වාසයක් ඇති විය යුතුයි. එම පැමිණිලි කර විභාග කරන විශේෂ ඒකකයක් පිහිටුවීමට ඉදිරි කැබිනට් මණ්ඩලයකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.