31.7 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දු සැකකරුවකු කොට අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පෙත්සමක්

දේශබන්දු සැකකරුවකු කොට අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පෙත්සමක්

ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 9 වැනිදා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්ද නිරීක්ෂණය කර ඇති බවයි.