29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යට කළ බිලියන 10ක් වතුරේ?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යට කළ බිලියන 10ක් වතුරේ?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (28) රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එතරම් මුදලක් වැයකර ස්ථාපිත කළ ද අදාළ පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපවතින බවය.

එම පද්ධතිය පිහිටුවීමට අදාළ ගිවිසුම සහ මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු තමා වෙත ලබාදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.