27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි - ජනපති

බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිටරට යාම ගැන පාර්ලිමේන්තුවේදී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එක් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා රජය ලක්ෂ හැටක් වියදම් කරන බවත් එලෙස වියදම් කරන්නේ ලංකාවේ සිටිමින් ජනතාවය සේවය සැපයීමට බවත්ය.

පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාරවලට වඩා අප ඒ රටවල්වලට දෙන ආධාර වැඩි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.