28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි - ජනපති

බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිටරට යාම ගැන පාර්ලිමේන්තුවේදී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එක් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා රජය ලක්ෂ හැටක් වියදම් කරන බවත් එලෙස වියදම් කරන්නේ ලංකාවේ සිටිමින් ජනතාවය සේවය සැපයීමට බවත්ය.

පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාරවලට වඩා අප ඒ රටවල්වලට දෙන ආධාර වැඩි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.