29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000කට අලුත් දෙමාපියන් සොයයි?

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000කට අලුත් දෙමාපියන් සොයයි?

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000කට ආසන්න සංඛ්‍යාවකගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මවුපියන්ට නොහැකි වීම හේතුවෙන් එම දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක් කඩිනමින් ආරම්භ කරන බවත් ඊට අදාළ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000ක් ඉලක්ක කරගනිමින් මෙම කැපකරු මවුපියන් සෙවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 500ක් වෙන්කර ඇති අතර ඉන්දියානු සමාගමක් සහ මෙරට පෞද්ගලික ආයතනයක් ඒ සඳහා රුපියල් බිලියනයක මුදලක් ලබාදී ඇති බවද වාර්තා වේ.