27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද විධාරණය වෙයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද විධාරණය වෙයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා ‘Mauna Loa’ ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවායි හි පිහිටි මෙම සක්‍රීය ගිනිකන්ද වසර 40 කට පමණ පසු පළමු වරට විධාරණය වී ඇත.

මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිඳී පවතී.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළු වැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත.

ගිනිකන්දේ තත්ත්වය ‘ඉතා අවධානම්’ මට්ටම දක්වා ඉහළ දමා තිබේ.