26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපිව බය කරලා කට වහන්න නම් හිතන්න එපා - නාලක ගොඩහේවා

අපිව බය කරලා කට වහන්න නම් හිතන්න එපා – නාලක ගොඩහේවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ළඟකදී පටන් රටේ ජනතාව බය කරන බවත් තමන් ජනාධිපතිවරයාට කියන්නේ යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් තැනීමට ඉදිරිපත් නොවන බවත් නාලක ගොඩහේවා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිතුමා ළඟක ඉදන් ජනතාව බය කරන්න හදනවා. විවිධ තර්ජන කරනවා. අපි ජනාධිපතිතුමාට කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා. එදා මහ බලයක් තිබුණ යහපාලන ආණ්ඩුව කාලෙත් මහ බැඳුම්කර මංකොල්ලයට, හම්බන්තොට වරාය විකුණනවට අපි විරුද්ධව කතා කළා. ඒ වගේම අපි අදත් බය නැතුව ජනතාව වෙනුවෙන් කතා කරනවා. තව අවුරුදු 3ක් තනතුරු වරප්‍රසාද දරාගෙන බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දී තමයි අපි ඒ ඔක්කොම අතඇරලා ඇවිත් ජනතාවගේ පැත්තේ හිටගත්තේ. ඒ නිසා බය කරලා කට වහන්න නම් හිතන්න එපා.