30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට කුලී නිවාස

නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට කුලී නිවාස

පසුගිය මැයි මාසයේ සිට රටතුළ ඇති වූ කලහකාරී සිද්ධි හේතුවෙන් නිවාස හා දේපළ අහිමි වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට තාවකාලික නිවාස ලබාදී ඇති බව නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

වසරක කාලයක් සඳහා මෙම නිවාස ලබාදෙන බවත් ඒවායේ පදිංචි මන්ත්‍රීවරුන්ගෙන් මාසික කුලිය අයකර ගන්නා බවත් ඔහු දන්වා සිටියේය.

එම නිවාස සංකීර්ණයේ නිවාස 106ක් ඇති බවත් අවශ්‍ය නම් එම නිවාසවල අනෙකුත් මන්ත්‍රීවරුන්ට ජීවත් විය හැකි බවත් ඔහු දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරුන්ට මෙම නිවාස මිලදී ගෙන ස්ථිර පදිංචිය ලෙස භාවිත කළ හැකි බවද ඔහු සඳහන් කළේය.