25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෞද්ගලික ආරවුලක් හික්කඩුවේදී මරණයෙන් කෙළවර වූ හැටි

පෞද්ගලික ආරවුලක් හික්කඩුවේදී මරණයෙන් කෙළවර වූ හැටි

හික්කඩුව වෑවල ප්‍රදේශයේදී පහරදී කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු මෙසේ කපා කොටා ඝාතනය කර ඇති අතර ඔහු වෑවළ ප්‍රදේශයේ රෙදි කඩයක් කරගෙන යන අයෙකු බව හික්කඩුව පොලීසිය පවසයි.

අද උදෑසන 10.30 ට පමණ මොහු තම බිරිඳ සමග ව්‍යව්‍යාපාරික ස්ථානයට පැමිණි අවස්ථාවෙදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.

හික්කඩුව, ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත. මෙහිදී ඔහු සමග සිටි බිරිඳද ප්‍රහාරයට ලක්වී කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. මෙය පැරණි ආරවුලක් මත සිදුවී ඇති බව හික්කඩුව පොලීසිය පවසයි. හික්කඩුව පොලීසියේ ස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.