26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 08කදී වෛද්‍යවරුන් 500ක් රට හැර ගිහින්

මාස 08කදී වෛද්‍යවරුන් 500ක් රට හැර ගිහින්

මෙම වසරේ මාස 08ක කාලය තුළ වෛද්‍යවරුන් 500කට ආසන්න ප්‍රමාණයක් රට හැරගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර යාම සිදු වන බවත් මෙම තත්ත්වය වර්ධනය වන්නේ නම් සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම පාහේ බිඳ වැටීමට හේතු වනු ඇති බවත්ය.

මේ අතර කිසිදු දැනුම්දීමකින් තොරව විදේශගත වන සහ ඉල්ලා අස්වීමෙන් පසු විදේශගත වන වෛද්‍යවරුන් සිටින බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ එලෙස නිසි අවසරයකින් තොරව විදේශගත වන වෛද්‍යවරුන් සේවය අත්හැර යෑමේ නිවේදනය නිකුත් කර අසාදුලේඛන ගත කිරීමට කටයුතු කරන බවයි.