25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරනිල්ට අංගුලිමාලයි සහ දේවදත්තයි පැටලුණා - සජිත් ප්‍රේමදාස

රනිල්ට අංගුලිමාලයි සහ දේවදත්තයි පැටලුණා – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයාට අංගුලිමාල සහ දේවදත්ත පැටලුණු බවත් එම වැරැද්ද හැන්සාඩ්ගත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මේ සඳහන් කළේ ඊයේ (29) පාර්ලිමේන්තුව අමතමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ සඟරුවනට අපහාස කරන පාලකයින්ට වහාම පරාභව සූත්‍රය හෝ වසල සුත්‍රය කියවන්නැයි තමා ඉල්ලීමක් කරන බවයි.

සංඝ සමාජය නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායට අනුව බවත් එදා රට කළ රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නය බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමානයේ සංඝරත්නයට අපහාස කරන පුද්ගලයින්ට වහාම පරාභව සූත්‍රය හෝ වසල සූත්‍රය කියවන ලෙසට තමන් යෝජනා කරන බවයි.

තමන්ට පැවසීමට යමක් වේ නම් එය පැවසිය යුතු ක්‍රමවේදයක් ඇති බවද සජිත් ප්‍රේමදාස මෙහිදී සිහිපත් කළේය.