27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවදානමක්

රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවදානමක්

සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවයි.

එමගින් පනස්දහසකට අධික පිරිසකගේ රැකියා අහිමිවන බවයි ඔවුන් පවසන්නේ.

නිදහස් වෙ​​ළෙඳ ගිවිසුම යටතේ ෂැම්පු, ෂවර් ජෙල් හා ක්‍රීම් වර්ග වැනි රුපලාවන්‍ය නිෂ්පාදන කිසිදු රේගු බද්දකට යටත් නොවී මෙරටට ගෙන එන බව කී එම සංගමයේ සභාපති සේනක සමරසිංහ, රේගු නොවන බදු හෙවත් සෙස් බදු ඉවත් කළහොත් එහි සම්පූර්ණ වාසිය හිමිකරගන්නේ මෙරට දැනට පවත්වාගෙන යන බහුජාතික සමාගම් සහ විදේශීය රටවල සිටින නිෂ්පාදකයන් විසින් බවද පවසයි.