29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරේගුවේ රඳවා ගත් කිරිපිටිවලින් රජයට මිලියන 145ක පාඩුවක්

රේගුවේ රඳවා ගත් කිරිපිටිවලින් රජයට මිලියන 145ක පාඩුවක්

රේගුව භාරයේ පවතින කිරිපිටි තොගය රඳවාගෙන සිටීමෙන් රජයට රුපියල් මිලියන 145ක බදු මුදලක් අහිමි වන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අතර එහිදී ඔහු කියා සිටියේ නියමිත පටිපාටියෙන් බැහැරව මෙම කිරිපිටි ආනයනය කර ඇති බවයි.

ආනයනය කළ කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නිදහස් නොකර රේගු භාරයේ තබා ගැනීම හේතුවෙන් ඒවා නරක් වීමෙ අවදානමකට ලක්ව ඇති බව පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේය.

එහෙත් රේගු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ආනයනය කරන ලද කිරිපිටි බහාලුම් 6ක් පසුගිය 14 වැනිදා වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගෙන ඇති බවත් ඒවා ආනයන රෙගුලාසිවලට පටහැනිව නීති විරෝධීව සිදු කර ඇති බවට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් තහවුරු කර ඇති බවයි.