26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportICC ශ්‍රේණිගත කිරීම්වලින් වනිඳු තවත් ඉදිරියට

ICC ශ්‍රේණිගත කිරීම්වලින් වනිඳු තවත් ඉදිරියට

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනිඳු හසරංග වන අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 235ක් හිමිකරගනිමින් වනිඳු හිමිකරගෙන ඇත්තේ 8වන ස්ථානයයි.

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

එසේම ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවෙයි.