28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 42.9%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 42.9%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුව 2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9%ක් මන්දපෝෂණ ලක්ෂණවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ.

2021 වසර හා සැසඳීමේදී මෙරට වයස අවුරුදු 5ට අඩු බර සහිත දරුවන් සංඛ්‍යාව 12.2% සිට 15.3% දක්වා වර්ධනය වී තිබේ.

එහි වැඩිම ළමා මන්දපෝෂණ ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය 59.4% කි.

අම්පාරේ වයස අවුරුදු 5ට අඩු සාම දරුවන් 5 දෙනෙකුගෙන්ම 3 දෙනෙක් මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.