23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝටිපතියන්ගේ මුදල් වංචා කළ ප්‍රියමාලිගේ තවත් සෙල්ලමක් එළියට

කෝටිපතියන්ගේ මුදල් වංචා කළ ප්‍රියමාලිගේ තවත් සෙල්ලමක් එළියට

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි දෙසැම්බර් 13 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මේ අතර තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එකී ව්‍යාපාරය ඇයගේ නමින් ලියාපදිංචි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මෙසේ වංචා කරන ලද මුදල් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ හා මහ බැංකුව හරහා තොරතුරු විමසා ඇති බවත් ඉදිරියේදී විමර්ශන ප්‍රගතිය සඳහන් කරන බව සඳහන් විය.