දරුවන්ට උගන්වනවාද? කන්න දෙනවාද? යන ප්‍රශ්නයට අද ලංකාවේ මාපියන් මැදි වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
දරුවන් වෙනුවෙන් මේ කාරණා දෙකම ඉටු කරන්නට බහුතරයක් මවුපියන්ට නොහැකි වී තිබෙන බව ඇය එහිදී අවධාරණය කළාය.