27.6 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

2022 වර්ෂයට අදාළ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේය.

යළි ලබන 05 වැණිදා ආරම්භ වන තුන්වන වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වැනිදා දක්වා පාසල් පැවැත්වේ.

23 වැනිදා සිට ලබන වසරේ ජනවාරි 01 වැනිදා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ පාසල් ආරම්භ වන්නේ ජනවාරි 02 වැනිදායි. ඒ අනුව ජනවාරි 02 වැනිදා සිට 20 වැනිදා දක්වා යළි පාසල් පැවැත්වීමට නියමිතව තිබේ.

ජනවාරි 21 වැනිදා තුන්වන වාරය සඳහා නිවාඩු ලබාදෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වැනිදා දක්වා එම නිවාඩු ලබා දීමට සැලසුම් කර ඇත.

තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේය.