― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලබන වසරේ දැවැන්ත විදුලි කප්පාදුවක් ගැන රතු එළි

ලබන වසරේ දැවැන්ත විදුලි කප්පාදුවක් ගැන රතු එළි

ලබන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය නිසා ගෙදර යන්න සිද්ධවුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවා නම් රටට අද මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. ඔන්න දැන් ලබන මාසයේ ඉඳලා නැවතත් තෙත් කලාපයේ වියළි කාලය පටන් ගන්නවා. නමුත් අද තත්ත්වය එදාටත් වඩා භයානකයි. සාමාන්‍යයෙන් අපේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 35%ක් පමණ මෙගා වොට් 810ක් හදන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන්. අද විදුලිබල මණ්ඩලයම කියනවා ඔවුන් සතු ගල්අඟුරු තොගය මාස දෙකකට වත් ප්‍රමාණවත් නෑ කියලා. අනෙක් පැත්තෙන් දැන් යුරෝපයේ සීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා. උණුසුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කරන නිසා ලෝක වෙළෙඳපොළේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි හා මාර්තුවල ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යනවා. එතකොට ඒ ඉහළ ගිය ඉන්ධන මිල එක්ක ඉන්ධන මිල දී ගන්න ඩොලර් ප්‍රමාණයත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ලබන වසරේ මාර්තු වනවිට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට කියන්නේ උද්දච්චව කටයුත්තු කරන්නේ නැතුව විෂය ගැන දන්න අයගේ උපදෙස්වලට ඇහුන්කම් දීලා දැන් ඉඳලාම වැඩපිළිවෙලක් හදන්න.”

නිසි සැලසුමක් සහිතව වැඩ නොකළොත් ලබන වසරේ මාර්තු වන විට මේ වසරේ වගේම පැය 12ක 14ක විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තියනවා. ඇත්තටම විදුලිබිල වැඩි කරන්න සිද්ධවෙලා තියෙන්නේ ආණ්ඩුවට විදුලි ජනනය සම්බන්ධයෙන් සැලසුමක් නොමැති නිසා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යද්දී වැඩි වැඩියෙන් තෙල් මත රැඳෙමින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී විදුලිබිල වැඩි වෙනවා. අද තෙල්වලට ගෙවන ගාණෙන් 50%ක් සූර්ය පැනල භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලබාදුන්නා නම්, ඒ වගේම තමන් සල්ලි හොයාගෙන සුර්ය පැනල සවි කරපු අයගෙන් තෙල්වල මිලෙන් සියයට 50 %ක මිලටවත් විදුලි ඒකකයක් මිලට ගත්තානම් ඒක ආණ්ඩුවටත් වාසී, ජනතාවටත් වාසී. වසර ගණනාවක් මේවා අපි කට කැඩෙනකම් කියනවා. නමුත් අවාසනාවකට සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙතන තියනවා මාෆියාවක්.