― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසයිටම් ආයතනය විවෘත කිරීමට පියවර

සයිටම් ආයතනය විවෘත කිරීමට පියවර

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන සයිටම් ආයතනය විවෘත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර අද (01) පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණියා.

අධ්‍යාපනය සැමට ප්‍රවේශ විය යුතුය යන පදනම මත රජයට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ හැකි බවත් එහි ඉගෙනුම ලබන දුප්පත් සිසුන්ට මූල්‍ය ආධාර ලබාදීමට හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

මෙම විද්‍යාලය නැවත ආරම්භ කිරීමේ ගැටලුවක් නොමැති බව මහාධිකරණය ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවලට එක්ව සාකච්ඡා කළ හැකි බව ජනාධිපතිවරයා අව්ධාරණය කළේය.