සෑම පුද්ගලයෙකුටම සමෘද්ධිය ලබාදීම සඳහා මුදල් නොමැති බවත් සමෘද්ධිය ලැබීමට නුසුදුසුකම් ඇති අය ඉවත් කළහොත් සුදුසුකම් ඇති අයට එම අවස්ථාව ලබාදිය හැකි බවත් ජනපති රනිල් වික්රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.
“අපිට තියෙන්නේ ආර්ථිකයයි, සමාජයයි හදන්න. ගන්න තීරණ ජනප්රිය නොවෙන්න පුළුවන්. ඒ්ත් පාර්ලිමේන්තුවට තියෙන් ඒ වැඩකටයුතු කරගෙන යන්න.”