27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHIV ආසාදිතයින්ගේ වැඩිවීමක්

HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්

ලෝක එඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ ‘සමානාත්මතාව සුරකිමු’ යන්නයි.

දිවයින පුරා පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429 දෙනෙකු වාර්තා වී තිබේ.

පසුගිය වසරේදී පමණක් දිවයින පුරා හමු වූ HIV ආසාදිතයන් සංඛ්‍යාව 3,600කි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විශේඥ වෛද්‍ය ජානක වේරගොඩ පැවසුවේ එම අසාදිතයන් අතරින් සියයට 35ක ප්‍රමාණයක් අවුරුදු 15-30 අතර වයසේ පසුවන තරුණ ප්‍රජාව බවත් ඉන් බහුතරයක් පිරිමි පාර්ශවය බවත්ය.

එමෙන්ම සමස්ත HIV අසාදිතයන්ගෙන් සියයට පනහක් පිරිමි ලිංගික සම්බන්ධතා පවත්වන අය වන අතර මෙවැනි සම්බන්ධතා හේතුවෙන් පිරිමි ආසාදිතයන් වැඩි වීමේ ප්‍රවණතාවක් පවතී.