― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනුමැතියකින් තොරව ගුවන්සේවා අධිකාරියේ නිලධාරින්ට කෝටි 05ක දීමනා දීලා?

අනුමැතියකින් තොරව ගුවන්සේවා අධිකාරියේ නිලධාරින්ට කෝටි 05ක දීමනා දීලා?

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ කළමණාකරණ තනතුරු දරණ නිලධාරින් 27 දෙනෙක්ට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව පසුගිය වසර 04 තුළදී (2018-2021) කළමනාකරණ දීමනාව ලෙස රුපියල් පන්කෝටි දොළොස්ලක්ෂ අටදහස් පන්සිය පනස්තුනක (50,128,553) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට ඇත.

මහා භාණ්ඩාගාරයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව දීමනා ගෙවිය නොහැකි වුවද අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් මත 2018 වර්ෂයේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50000 බැගින් කළමනාකරණ දීමනාවක්ද ගෙවා තිබේ.

ඒ අනුව පසුගිය වසර තුළ (2021) ගෙවනු ලැබු කළමණාකරණ දීමනාව රුපියල් එක්කෝටි තිස්ලක්ෂ හැටඑක්දහස් හත්සිය හතලිස් දෙකක් (13,061,742) බවද විගණන වාර්තාව මගින් අනාවරණය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ගුවන් සේවා අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අධ්‍යක්ෂක මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.