― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅර්බුදය විසඳීමට චීනය වගකීමෙන් කටයුතු කරතැයි අපේක්ෂා කරනවා

අර්බුදය විසඳීමට චීනය වගකීමෙන් කටයුතු කරතැයි අපේක්ෂා කරනවා

අඩු ආදායම්ලාභී රටවල ණය අර්බුදය විසඳාගැනීම සඳහා ලොව වැඩිම ණයහිමියා වන චීනය වගකීමකින් යුතුව ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පැවසුවාය.

ලොව විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය ණයගැති රටවලට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට තම සහාය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව වගකීමකින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ලබන සතියේ චීන රජයේ නියෝජිතයන් හමුවූවිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට වඩාත් යෝග්‍ය විසඳුමක් සඳහා පොදු යාන්ත්‍රණයකට එකඟවන්න අපි බලාපොරොත්තු වෙනවා. නැගී එන වෙළෙඳපොළෙන් 25%ක් සහ අඩු ආදායම්ලාභී රටවලිනි 60%ක් ණය අර්බුදයට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය විසඳීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා රැසක් ඉදිරිපත් කළා. කාල විරාමයක් සහිතව පොදු එකඟතාවයකට පැමිණීමත් ඉන් එක් යෝජනාවක්. ශ්‍රී ලංකාව වැනි රටවලට සහාය වන ලෙස එවැනි පොදු යාන්ත්‍රණයක් පුළුල් කරමින් අපි කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි.