27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑජාපයට වැඩ කරන අලින්ගෙන් අයදුම්පත් දහස් ගණනක්

එජාපයට වැඩ කරන අලින්ගෙන් අයදුම්පත් දහස් ගණනක්

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ ඊයේ (01) පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ ආරම්භ විය.

මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබන්නේ 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙනි.

ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එජාප නායකයන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් තෝරා ගන්නා සංවිධායකවරුන් ජනවාරි 01 වැනිදා සිට වසරක කාලයක් සඳහා පත් කිරීමට නියමිතය.

මෙතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ඉල්ලුම් කිරීමට කැමැති තවත් පිරිස් සිටී නම් තවදුරටත් ඉල්ලීම් කළ හැකි බවත් එජාප මහලේකම්වරයා අවධාරණය කළේය.