නිවසේ ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වූ අරණායක ප්රදේශයේ කාන්තාවක් විස පානය කර සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අරණායක, බොස්සැල්ල, කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි එක්දරු මවකි.
සිද්ධියෙන් මියගිය කාන්තාවගේ සැමියා යන්ත්ර මන්ත්ර ගුරුකම් කර උපයන මුදලින් එදාවේල සරි කරගෙන ඇති බවත් මෑතකදී සැමියාගේ කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් හා ගොවි විශ්රාම වැටුප ලෙස රුපියල් 1950ක් සමග මසකට රුපියල් 3850ක මුදලක් ලැබී ඇති අතර මේ දිනවල පවති අධි උද්ධමනය හේතුවෙන් බඩු මිල අහස උසට නැග ඇති බැවින් ඔවුන් එදා වේල සරි කරගෙන ඇත්තේ බොහෝ අමාරුවෙනි.
ඇයගේ මරණ පරීක්ෂණයේදී සැමියා පවසා ඇත්තේ ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් තම වයෝවෘද්ධ බිරිඳ දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බවයි.