― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportචාමිකගේ ක්‍රියා පිළිවෙත ගැන ක්‍රිකට් සභාපතිගෙන් ලිපියක්

චාමිකගේ ක්‍රියා පිළිවෙත ගැන ක්‍රිකට් සභාපතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථානය සමඟ පැවති එක්දින තරගාවලිය වෙනුවෙන් තෝරා නොගැනීම සම්බන්ධව කරුණු දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් අදාළ ලිපිය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

චාමික කණ්ඩායමට ඇතුළු කර ගැනීමට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් දැඩි අකමැත්තක් දැක් වූ බව අදාළ ලිපිය මඟින් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක තෝරා ගැනීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා අතරතුර චාමික පිළිබඳව සිදුකෙරුණු සාකච්ඡාවේදී, ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ‍ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් දැඩි අප්‍රසාදය පළ කර ඇති බවයි එහි දක්වා ඇත්තේ.

චාමික නැවත කණ්ඩායමට එකතු කර ගැනීමට නම් පළමුව ප්‍රධාන පුහුණුකරුගේ විශ්වාසය දිනාගත යුතු බවත් එම ලිපියේ සඳහන්. එමෙන්ම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සලකා බැලීමට පෙර ඔහු මනෝවිද්‍යාත්මක උපදේශනයක් ලබා දෙන ලෙසද තේරීම් කමිටුව යෝජනා කළ බවත් අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවති ඨ්20 ලෝක කුසලාන තරඟාවලියේදී තමන් චාමිකව ඉතා සමීපව නිරීක්ෂණය කළ බවත් තමන්ගේ නිරීක්ෂණය වූයේ අභ්‍යන්තර ගමන් ගිය අවස්ථා වලදී ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවන් හමුවීමට වැඩි අවධානයක් යොමු කළ බවටයි.

අසනීප බව සඳහන් කරමින් ඔහු සංචාරයේ පුහුණු සැසි කිහිපයක් මඟ හැරි බව සඳහන් කරන තේරීම් කමිටුවේ සභාපතිවරයා, ඔහු පුහුණු සැසිවලට නොපැමිණි දිනවලදී CCTV දර්ශන ලබා දෙන ලෙස හෝටලයට ඉල්ලීමක් කරන ලෙස ද යෝජනා කරණ බව අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

මේ අතර සිඩ්නි නුවර රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරුගේ වාර්තාව සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චාමිකට වසරක තරග තහනමක් පනවා එය අත්හිට වූ අතර ඊට අමතරව ඇමරිකානු ඩොලර් 5,000 ක දඩ මුදලක්ද පනවනු ලැබුවා.