30.6 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල්ට යුද හමුදාවෙන් විශේෂ බෑගයක්

ජනපති රනිල්ට යුද හමුදාවෙන් විශේෂ බෑගයක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිතා කිරීම සිරිතක් වන අතර එය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා තිබේ.

මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති උප‍දෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා තිබේ.