27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද හා මෛත්‍රීගේ කාර්ය මණ්ඩලයට වැය වූ මහජන මුදල් ගැන හෙළිදරවුවක්

මහින්ද හා මෛත්‍රීගේ කාර්ය මණ්ඩලයට වැය වූ මහජන මුදල් ගැන හෙළිදරවුවක්

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනගේ එවක පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තුව සඳහා මහජන මුදල් වැය කර තිබෙන ආකාරය අද (02) ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල තොරතුරු බලාගෙන ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010-2014 ඔහුගේ දෙවන ධූර කාලයට අදාලව පමණක් පෞද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සදහා ලක්ෂ 638,107,941.84 ක් වැය කර තිබේ.

අදාල කාලය තුළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 2578 දෙනෙකුගෙන් සමන්විතව තිබී ඇත.
මහින්ද රාජපක්ෂ පාලනයේ නාස්තිය හා දූෂණයට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැය කළ මුදලටත් වඩා විශාල මුදලක් වැය කිරීම දෛවයේ සරදමකි.

2015-2019 අතර කාලය සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් 850,326,968.14 ක් වැය කර තිබේ.

#headline news