29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාස 08කදී මෙරට වෛද්‍යවරුන් 477ක් රට හැර ගිහින්

මාස 08කදී මෙරට වෛද්‍යවරුන් 477ක් රට හැර ගිහින්

මේ වසරේ මුල් මාස 08 තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 477කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

යෝජිත බදු නීති සංශෝධනවලට එරෙහිව වෘත්තීය කණ්ඩායම් කිහිපයක් විසින් ඊයේ (01) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව සඳහන් කළේය.

පුහුණු ශ‍්‍රමිකයින් විදේශයෙන් පිටව යාමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවත් එමගින් ජාතියට විශාල අර්බුදයක් ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

ආදායම් බදු නීතිවලට යෝජිත සංශෝධන ජාතිය ආපස්සට තල්ලු කිරීමක් පමණයි. රට හැර යන වෛද්‍යවරුන් නතර කිරීම ගැන බොහෝ දෙනා කතා කරනවා. එහෙත් එවැනි තීරණයක් ගැනීමට හේතුව සොයා බැලීමට කිසිවකු සූදානම් නැහැ. සමීක්‍ෂණයක් කිරීමට හෝ ගැටලු නිවැරදි කිරීමට බලධාරීන්ට අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් ලංකාවෙන් පිටවෙලා කියලා. කෙසේ වෙතත්, අපගේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ වෛද්‍යවරුන් 477කට ආසන්න පිරිසක් රට හැර ගොස් තිබෙනවා. මෙම වෛද්‍යවරුන්ගෙන් සමහරෙක් නිවාඩු සඳහා අයදුම් කර ගොස් ඇති අතර ඇතැමුන් නිවාඩු නොසලකමින් රට හැර යන්න ඇති.