26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරායේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

වරායේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පත්කර ඇත. එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව සමන්විතය.

වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවලට අධිකාරියේ සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව මෙම කමිටුවට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස 6ක් ඇතුළත කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතය.