27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂයේ සමහරුන්ගේ විනය අන්තිමයි - කතානායක

විපක්ෂයේ සමහරුන්ගේ විනය අන්තිමයි – කතානායක

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (02) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඔවුන් තේරුමක් නොමැති පල් හෑලි කතා කිරීම හේතුවෙන් සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වී යන බවයි කථානායකවරයා එහිදී කියා සිටියේ.

කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවේදී කථානායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ, මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ.