27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 හැවිරිදි දැරියක් දූෂණය කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් දූෂණය කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

අවුරුදු 15ක දැරියක් දූෂණය කළ 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගුරුවරයා කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙම ගුරුවරයා දංකොටුව, වෙන්නප්පුව, මාකදුර ආදී ප‍්‍රදේශ රැසක විද්‍යාව විෂය ඉගැන්වීම් කරනු ලබන අතර පන්නල පොලිස් වසමේ විදුහලකින් සිසුවියක් සන්තකව තිබී උපත් පාලන පෙති විශේෂයක බහාලූමක් හමු වූ බව පන්නල පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා සාවිත‍්‍රි සිරිමාන්න පැවසුවාය.

උපකාරක පන්තිය සම්බන්ධයෙන් සකස් කර තිබූ වට්ස්ඇප් සමූහයකින් සැකකරු විසින් දැරියගේ අංකය සොයාගෙන යම් යම් පෙළඹවීම් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.