― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2021 (2022) වර්ෂයේදී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් 2022-11-30 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000/ක් නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතු වනවා.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේදී උසස්පෙළ හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුයි.

මෙම වැඩසටහන යටතේ එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක්. එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට උසස්පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 5,000 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලබනවා.

මීට අදාළ අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මඟින් ලබාගෙන ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරීගේ අදාළ නිර්දේශය සහිතව මේ මස 23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා.

එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළයුතු අතර කලාප අධ්‍යාපන කාර්යාල වෙත විදුහල්පතිවරුන් විසින් ලබා දෙන අයදුම්පත්‍ර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් තෝරාගත යුතුයි.

ඉහළම සුදුසුකම්ලාභීන් 30 දෙනා තෝරාගෙන අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ බැංකු ගිණුමේ පිටපතක් හා ඊට අදාළ අනෙකුත් විස්තර සම්පූර්ණ කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එළඹෙන පෙබරවාරි මස 03 වන දිනට පෙර ලබාදීමට කටයුතු කළ යුතු බව සඳහන්.

ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලබන බවද දැනුම් දෙනවා.