27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙවන පාසල් වාරය අදින් ඇරඹෙයි

තෙවන පාසල් වාරය අදින් ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (05) ආරම්භ වෙයි.

අදින් ආරම්භ වන තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (05) සිට ලබන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නත්තල් උත්සවය හේතුවෙන් එළඹෙන 23 වැනිදා සිට ජනවාරි 01 වැනිදා දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 02 වැණිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වැනිදා සිට පෙබරවාරි මස 19 වැනිදා දක්වා යළි පාසල්වලට නිවාඩු ලබාදීමක් සිදු කෙරෙයි.

2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර ලබන පෙබරවාරි මස 20 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.