― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබිත්තරයක් රුපියල් 100ක් වන ලකුණු

බිත්තරයක් රුපියල් 100ක් වන ලකුණු

උත්සව සමයේදී බිත්තරයක මිල රුපියල් සියයකට ආසන්න වනු ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුළුවට සහභාගී වෙමිනි.

මේ වනවිට බිත්තර මිල රුපියල් 50 – 60 අතර සීමාවේ පවතින්නේ පරිභෝජනය බරපතළ ලෙස අඩුවීම නිසා බව සඳහන් කළ සභාපතිවරයා කියා සිටියේ ඉදිරි උත්සව සමයේදී විවිධ අවශ්‍යතා මත බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ යනු ඇති බවයි.

“මාතෘ මන්දපෝෂණය, පෝෂණ ඌණතා, ආහාර හිඟය ගැන තමයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීම අභියෝගයක්. කුඩා දරුවාගේ සිට ගැබිනි මව මෙන්ම කිරිදෙන මව දක්වාම මේ ප්‍රශ්නය බලපාලා. පහසුවෙන්ම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන්නේ සත්ත්ව ප්‍රෝටීන වන බිත්තර, කිරි හා මස්වලින්. ඒත් අද මේවාහි මිල ගණන් ඉහළ ගිහින් තිබීමත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසාත් සමාජය තුළ විශාල ගැටලුවක් ඇති වෙලා. ජනතාවට අවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තමයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු අංශ හැදිලා තියෙන්නේ. නිලධාරීන් ගැටලු ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණ තියෙනවා විතරයි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න ඔවුන්ට කිසිදු වැඩපිළිවෙළක් නෑ.

නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්. කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු හා කිරි ගොවීන් දැඩි අර්බුදයක ඉන්නේ. විදුලි බිල, ඉන්ධන මිල, අමුද්‍රව්‍ය මිල ඔවුන්ට දරා ගන්න බැරි විදිහට ඉහළ ගිහින්. මේ වෙලාවේ තමයි පශු වෛද්‍යවරු බිම් මට්ටමට ගිහින් ඔවුන්ට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් ධෛර්යවත් කරන්න ඕන වෙලාව. ක්ෂේත්‍ර නිලධාරීන්ට රාජකාරි සඳහා සතියකට දෙන්නේ පෙට්‍රල් ලීටර් 4යි. මේ ගැන ඇමතිවරයාට මෙන් ම නිලධාරීන්ට කිව්වා. තාමත් විසනඳුමක් නැහැ. මේකට ඉක්මන් විසඳුමක් නොදුන්නොත් අපේ ආහාර සුරක්ෂිතතාවට විශාල හානියක් වෙයි.”