― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය 21 ගුණයකින් වැඩිවෙලා?

මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය 21 ගුණයකින් වැඩිවෙලා?

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා දරනු ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 247.7ට සමාන රුපියල් මිලියන තිස්හය දහස් පන්සිය හැටහතරක් වූ මුළු වියදම ඵලදායි ලෙස භාවිතා කොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පසුගිය වර්ෂයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02ක් වූ අතර එය මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකින් වැඩි වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ඉකුත් වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44ක්. 2017 වර්ෂයේ සිට 2021 වසර දක්වා වූ කාලය තුළ ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59ක්. (මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් බිලියන 36.56ක්)

මත්තල ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද පසුගිය වසර 05 තුළ මුළු මගී සංඛ්‍යාව 91,747ක්. එමෙන්ම ඉකුත් වසර පහ තුළම මුඵ ගුවන් ගමන් සංඛ්‍යාව 2,396ක්.

ගුවන්තොටුපොළ ඉදිකිරීම සදහා ලබාගත් ඩොලර් මිලියන 190ක් වූ ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරික ලෙස රුපියල් මිලියන 2610ක (බිලියන 2.61ක) මුදලක් සමාගම් විසින් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ දැක්වෙයි.

මෙහි මෙහෙයුම් කටයුතු හා වැඩිදියුණු කිරීම් වඩාත් කාර්යක්ෂම සහ පිරිවැය ඵලදායි ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වෙනවා.