29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට අඩු බර දරු උපත් ගණන ඉහළට

මෙරට අඩු බර දරු උපත් ගණන ඉහළට

පසුගිය මාසය වන විට මෙරට අඩු බර දරු උපත් 15.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එය පසුගිය ජනවාරි මාසයට වඩා සැලකිය යුතු වැඩිවීමකි. පසුගිය ජනවාරි මාසය වන විට දරුවන්ගේ උපත් බර අඩුවීමේ ප්‍රතිශතය 11.7%ක් ලෙස සටහන් වී තිබුණි.

මාතෘ මන්දපෝෂණය, ගර්භණී කාලය තුළ මව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම, ගර්භණී කාලයේ දුම්පානය කරනා ස්ථානවල ගැවසීම, ගැබිනි සමයේ අධික සිත් තැවුලෙන් සිටීම, පෙර ප්‍රසව රක්තපාතය වැනි කරුණු මෙලෙස අඩු බර සහිත දරුවන් බිහිකිරීමට හේතු වී ඇති බව වෛද්‍යවරුන් අවධාරණය කරයි.

සාමාන්‍ය දරුවකු රැකබලා ගැනීමට වඩා මෙලෙස අඩු බරකින් උපදින බිළිඳුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔවුන්ට අඛණ්ඩව මව්කිරි ලබාදීම වැදගත් බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙයි.