26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මේක හිරිහැර කිරීමක් නෙවෙයි ස්ථානගත කිරීමක්" - පොලිස් කොමිසමේ සභාපති

“මේක හිරිහැර කිරීමක් නෙවෙයි ස්ථානගත කිරීමක්” – පොලිස් කොමිසමේ සභාපති

පසුගියදා විරෝධතාවක් අතරතුරදී පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙලෙන් අල්ලා තල්ලු කිරීමේ සිද්ධිය හිරිහැරයක් ලෙස සැලකිය නොහැකි බව පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු පවසා තිබේ.

පසුගිය නොවැම්බර් 12 වැනිදා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙක් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ විසින් එම අවස්ථාවට සහභාගී වී සිටි පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකු, ගෙලෙන් අල්ලා ඉදිරියට තල්ලු කරන දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ සිද්ධිය ඉන්පසු මහත් ආන්දෝලනයක් සමාජය තුළ ඇති කළේය.

විරෝධතා පුවරු රැගත් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව තිබුණු බවත් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කාන්තා පොලිස් නිළධාරිනියන් සිටිය යුතු බවත් පවසා ඇති පොලිස් කොමිසමේ සභාපතිවරයා, එම අවස්ථාවේදී කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදනා සිද්ධිය වන ස්ථානයට පිටුපසින් සිට ඇති බැවින් ඉහළ පොලිස් නිළධාරියා කර ඇත්තේ ඔවුන් දෙදෙනා ඉදිරියට යොමු කිරීම බවද පවසා තිබේ.

ඒ අනුව එය හිරිහැර කිරීමක් නොව ස්ථානගත කිරීමක් බව ඔහු අර්ථනිරූපනය කර තිබේ.

පොලිස් නිලධාරිනියන් දෙදෙනාගේ ගෙලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක් ලෙස තමන් දකින නමුත් එය එම නිලධාරිනියන් දෙදෙනාට හිංසා කිරීමක් සේ තමන් නොදකින බව පොලිස් කොමිසමේ සභාපතිවරයා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.