29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් කියන්නේ අපේ තේරීමක් - බැසිල් රාජපක්ෂ

රනිල් කියන්නේ අපේ තේරීමක් – බැසිල් රාජපක්ෂ

මේ වනවිට මැතිවරණයකට කාලය පැමිණ ඇති බවත් පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

ඇමරිකාවේ සිට පැමිණි පසු පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ අද (05) මේ බව ප්‍රකාශ කළේය.

තමන් ඉදිරියේදී රාජ්‍ය පාලනයේ නොමැති බවත් එනමුත් ක්‍රියාකාරී දේශපාලනයේ සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවට යළි පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා 21 වන සංශෝධනයෙන් ඊට අවස්ථාවක් නොමැති බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කර සිව්වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.