29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් ගෑස් පෝළිම්, තෙල් පෝළිම් නැති කළා - මහින්දානන්ද අලුත්ගමගේ

රනිල් ගෑස් පෝළිම්, තෙල් පෝළිම් නැති කළා – මහින්දානන්ද අලුත්ගමගේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අත්‍යවශ්‍ය ආහාර රැසක මිල අඩු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) නාවලපිටිය – වැලිගම්පොළ ප්‍රදේශයේදී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා (04) පැවති ජන හමුවේදී අදහස් දක්වමිනි.

රටේ පැවති ගෑස් හිඟය සහ ඉන්ධන පෝළිම් ජනාදිපතිවරයා විසින් නැති කළ බවත් ඉදිරි වසර දෙකහමාරේදී රටේ පවතින ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට හෝ එම පක්ෂයේ සමාජිකත්වය ඉහළ දැමීමට ජනාධිපතිවරයා කටයුතු නොකර රටේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට පියවර ගැනීම සාධනීය කාර්ණයක් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.