31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි බිලෙන් දැනට බිලියන 423.5ක පාඩුවක්

විදුලි බිලෙන් දැනට බිලියන 423.5ක පාඩුවක්

විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 56.90ක් වැය කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එනමුත් මේ වනවිට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයින්ගෙන් රුපියක් 29.14ක් අය කිරීම නිසා දළ වශයෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 423.5ක පාඩුවක් සිදුවන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

තමාගේ මතය නම් ඒකකයක් සඳහා රුපියල් 56.90ක නිශ්චිත ගාස්තුවක් අය කළ යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා තිබේ.

ලංවිම බිල්පත් දත්තවලට අනුව ගෘහස්ත පාරිභෝගිකයින් 6,709,574 ක් සිටින බවද අමාත්‍යවරයා පවසයි.