28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුඛෝපභෝගී බස් රථයක් කිලිනොච්චියේදී අනතුරට

සුඛෝපභෝගී බස් රථයක් කිලිනොච්චියේදී අනතුරට

A 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චි, ඉරණමඩුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් අද (05) අලුයම 4.45ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පෙරළි ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් කුඩා දරුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.