30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහිඟන අලි ආණ්ඩුවට ගන්නේ නැහැ - රෝහිත අබේගුණවර්ධන

හිඟන අලි ආණ්ඩුවට ගන්නේ නැහැ – රෝහිත අබේගුණවර්ධන

ශක්තිමත් අලි මිසක් හිඟන අලින් ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෝටර් සයිකල් එකක් ගන්න කොට හෙල්මට් එකක් ගන්න ඕන. අලියෙක් ගන්න කොට අනිවාර්යයෙන්ම හෙණ්ඩුවක් ගන්න ඕන. අලියා විතරක් නෙමෙයි හෙණ්ඩුවත් එක්ක ගත්තේ. අලියත් ඉන්නවා හෙණ්ඩුවත් තියෙනවා. තව අලි පෝලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බයවෙන්න එපා. හොඳ අලි, අලින්ගෙත් වර්ග ඉන්නවා. අර උඩවලවේ ඉන්නවා හිඟන අලි එහෙම අලි නෙමෙයි. හොඳට කරඬුව අරගෙන යන ශක්තිවන්ත අලි තමයි ගන්නේ. එහෙම අලි තමයි දැන් ඇවිත් ඉන්නේ. හොඳම අලි ටිකක් ඉන්නවා. තිස්ස අත්තනායක, ඉමිතිසාය් බාකර් මාකර්, තලතා අතුකෝරාල ඔන්න හොඳ අලි ඇතින්නියෝ. හෙණ්ඩුව මෙහෙනම් ගත්තාම මෙල්ල කරගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ.