― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආහාර සුරක්ෂිතතාවයෙන් ලංකාව තවත් පහළට

ආහාර සුරක්ෂිතතාවයෙන් ලංකාව තවත් පහළට

ලෝක ආහාර සුරක්ෂිතතාවයෙන් 65 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මේ වනවිට 75 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ හාල් මෙට්‍රික් ටොන් හත් ලක්ෂයක් පිටරටින් ගෙනවිත් තිබෙන අතර මේ හේතුවෙන් ගොවීන්ට වී විකුණා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව හා වැඩිපුරම සහල් ගෙන්වා තිබෙන්නේ ප්‍රධාන මෝල් හිමියන් පස්දෙනා බවයි.

එමෙන්ම මෙම මෝල් හිමියන් පස්දෙනා රුපියල් 160ට සහල් ගෙනැවිත් මෙරටදී ලේබල් ගසා එම සහල්ම රුපියල් 220ට විකුණන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ගොවීන් වැඩිපුරම සිටින පොළොන්නරුව දිස්ත්‍රික්කය අද වනවිට මන්දපෝෂණයෙන් වැඩිම දිස්ත්‍රික්කය බවට පත්වී ඇති බවත් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් සියයකට වඩා වැඩි වන නමුත් වී කිලෝවක් විකුණනු ලබන්නේ රුපියල් අනූවකට අඩුවෙන් බවත් හෙතෙම එහිදී පැවසීය.