― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෑස් වැඩි වුණාට ආහාර මිල ඉහළ යන්නේ නැහැ

ගෑස් වැඩි වුණාට ආහාර මිල ඉහළ යන්නේ නැහැ

ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමූවද ආපනශාලාවල ආහාර මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුනොවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

අද (06) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තිරිඟු පිටි ඇතුළු වූ ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම නිසා ආප ශාලා සඳහා යම් සහනයක් හිමිව ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම දුෂ්කර අවස්ථාවේදී පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් කටයුතු කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.