― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලක්ෂ 12ක විදුලි බිලක්?

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලක්ෂ 12ක විදුලි බිලක්?

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත ලබාදුන්නද රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැටපහයි ශත අසූ අටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3000ක මුදලක් නොගෙවන්නේ නම් මේ මස 14 වෙනිදා යළි විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය ඊයේ (05) ලිපියක් යොමුකොට ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ඉකුත් 27 වැනිදා ආරණ්‍ය සේනාසනයට විදුලිය විසන්ධි කළ අතර ඒ පිළිබඳ මාධ්‍ය මගින් රටටම අනාවරණ කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත්, ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වැනිදා විදුලිය ලබාදීමට කටයුතු කළ බවත් රාහුලාලංකාර නාහිමියෝ සිහිපත් කළහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස හයලක්ෂ හැත්තෑ දහස් තුන්සිය අසුවක විදුලි බිලක් ලැබී ඇති බවත්, ඒ අනුව ඉකුත් 28 වැනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල් ගෙවීමට දින 14ක සහන කාලයක් ලබාදුන් බවත් එම ලිපියේ සඳහන් වේ.

පසුගිය වසර 30ක කාලය තුළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල්පත් ලංකා විදුලිබල මණ්ඩලයෙ අනුග්‍රහයෙන් මණ්ඩලය මගින් ගෙවා ඇති බවත්, 2009 වසරේ වස‍ර 13 කාලයක් විදුලි බිල වශයෙන් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂ හතලිස් අටදාස් හයසිය තිස්අටක ගාස්තුවක් වැයවී ඇති බවත් එම ලිපියෙන් සිහි කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඩී. නිසංසලාගේ අත්සනින් යුතුව එම ලිපිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත යොමුකර තිබේ.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ යභූමියක් කොට සලකා, අපවත් වී වදාළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ජාතියට ඉටුකරන ලද අමිල සේවයට ගෞරවයක් වශයෙන් නොමිලේ විදුලිය ලබාදුන් බවත් හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බවත්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡාවක් කර යම් තීරණයක් ගන්නා තුරු ගිලන් වූ භික්ෂුන් වහන්සේලා මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු දෙසීයකට ආසන්න නමක් වැඩවාසය කරන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීම නතර කර ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ මෙන්ම විදුලිබල අමාත්‍යතුමාගේ දැඩි අවධානයට යොමුකරන ලෙසත් රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

#lankasara